brand logo
logo
කැලේ ඇත්තු නිරීක්ෂණයට GPS තාක්ෂණය

කැලේ ඇත්තු නිරීක්ෂණයට GPS තාක්ෂණය

24 October 2026

‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහන සඳහා පත් කළ විශේෂඥ කමිටුව මෙරට කැලෑවල වෙසෙන ඇත්තු සම්බන්ධව නිරීක්ෂණය කිරීමට GPS තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධව අවධානය යොමු කර ඇත.


මෙරට අලි ගහණය 7,000 කට ආසන්න වන අතර ඉන් සියයට 10 කට ආසන්න ප්‍රමාණයක් ඇතුන් සිටින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගල්ගමුව, සියඹලන්ගමුව ප්‍රදේශයේදී ඉකුත් 16 වැනිදා මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කරනු ලැබීය.

ඒ අනුව, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධව ගම්වාසීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට අදාළව මෙම කමිටු සාමාජිකයන් ගල්ගමුව ප්‍රදේශයට යාමටද නියමිතය.

මෙම කමිටුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රධානත්වයෙන් පළමු වරට ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 21 වැනිදා රැස්වූහ

 

More News..