හැටන් නගරයේ වෙළෙඳ ගොඩනැගිල්ලක යළිත් ස්වර්ණාභරණ සොරකමක්
22 November 2026
හැටන් නගරයේ වෙළෙඳ ගොඩනැගිල්ලක යළිත් ස්වර්ණාභරණ සොරකමක්
22 November 2026
හැටන් නගරයේ පැති වීදියේ ගොඩනැගිල්ලක තුන් වෙනි මහළේ පවත්වාගෙන යන ස්වර්ණාභරණ නිෂ්පාදන වෙළදසැලකට (21) දින රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු ඇතුලු වී ඉබි යතුරු කඩා එම වෙළදසැලේ ස්වර්ණාභරණ සහ මුදල් සොයා ඇත.
එම වෙළදසැලට පහළින් තිබූ ඇදුම් මසන ස්ථානයක් කඩා එහි තිබූ මැශිම සහ හිස් බිත්තර පෙට්ටි දෙකක් එය මත තබා සාරියක් ආධාරයෙන් සැකකරු තුන්වන මහළට ගොඩ වී ස්වර්ණාභරණ නිෂ්පාදන වෙළදසැල කඩා ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරියෙකු කියා සිටියේ.
එම ගොඩනැගිල්ලේ දෙවන මහළේ මෙවැනිම ස්වර්ණාභරණ නිෂ්පාදන වෙළදසැල් දෙකක් ඉකුත් මාසයේ මෙවැනිම ආකාරයට කඩා එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ කිහිපයක් රැගෙන ගොස් තිබුණි.
එම වෙළදසැලට ඇතුලු වූ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විමර්ෂණ සිදු කරයි.


