brand logo
logo
දස දෙනකුගේ ‘නින්ජා’ කල්ලියක් සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකාලා

දස දෙනකුගේ ‘නින්ජා’ කල්ලියක් සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකාලා

14 July 2026 | •බිමල් ජයසිංහ - බණ්ඩාරගම

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ‘නින්ජා’ වෙසින් ඇතුළු වී එහි හිමිකරුට පහරදී ඔහු සතුව තිබූ සහ විදේශීය කාන්තාවකට අයත් මුදල් ඇතුළු දේපළ කොල්ල කෑ බව කියන කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.


මෙම පිරිස සම්භාහන මධ්‍යස්ථාන හිමිකරුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 7ක් පමණ වටිනා රන් මාලය සහ පෙන්ඩනය, රුපියල් 116500ක මුදල්, විදේශීය කාන්තාව සතුව තිබූ රුපියල් 205000 මුදලක් සහ සම්බාහන මධ්‍යස්ථානයේ රුපියල් 850000ක් පමණ වටිනා දේපළ රැසකට දැඩි අලාභානි කර ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.


තමන් තායිලන්ත කාන්තාවක් සහ මෙරට කතුන් දෙදෙනකු සහභාගී කර ගනිමින් පැපිලියාන කොළඹ පාරේ සම්බාහන මධ්‍යස්ථාගෙන පවත්වාගෙන යන බවත් ඉකුත් 10 වැනිදා අලුයම 2.00ට පමණ තමන් නිදා සිටියදී බඩු බාහිරාදිය පෙරළෙන ශබ්දයක් ඇසි අවදි වූ බවත් සඳහන් කර ඇති පැමිණිකරු එම අවස්ථාවේදීම තමන් සහ තායිලන්ත ජාතික කාන්තාව නිදා සිටි කාමරයට පොලු හා මන්නා ඇතිව පැමිණි දස දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් පහර දුන් බව පවසා ඇත. තවද එලෙස පැමිණි සියලු දෙනාම මුහුණු ආවරණය කරගෙන තිබූ හෙයින් හඳුනා ගැනීමට අපහසු වූ බවද සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකරුගේ පැමිණිල්ලේ සඳහන්ය.


‘මාදිවෙලවත්තේ පණුවා’ නමැති පුද්ගලයකු ඉකුත් මම 21 වැනිදා මෙහි හිමිකරු අමතා සම්බාහන මධ්‍යස්ථානය කරගෙන යාමට ඉඩ නොදෙන බවට තර්ජනය කර ඇති බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.


පසුව පැමිණිලිකරු ‘1990 සුවසැරිය’ ගිලන් රථයක් ගෙන්වාගෙන කළුබෝවිල රෝහල වෙත ඇතුළත් වී ඇත.

එම සම්බාහන මධ්‍යස්ථානයේ දොර ජනේල්, පාටිෂන් කොටස්, කොමඩ්, රූපවාහිනි යන්ත්‍ර, බ්ලෙන්ඩර්, රයිස් කුකර් සහ අල්මාරි ඇතුළු දේපළ රැසක් විනාශ කර තිබූ එම කල්ලිය සී.සී.ටි.වි. කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. කොටස ද රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.


මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බොරලැස්ගමුව පොලිසිය මගින් සිදුකෙරේ.

 

More News..