වැල්ලවායේ නිවසකට වනඅලි ප්‍රහාරයක් - නිවසට දැඩි අලාභ හානි
20 November 2026
වැල්ලවායේ නිවසකට වනඅලි ප්‍රහාරයක් - නිවසට දැඩි අලාභ හානි
20 November 2026
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් තෙලුල්ල ජනපදය ප්‍රදේශයේ නිවසකට ඊයේ (19) රාත්‍රී වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම වනඅලි ප්‍රහාරයෙන් නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර එම නිවසේ නිවැසියන් පා පිසි මසා ජීවනෝපාය සිදුකරගෙන ගොස් ඇත.
එම පා පිසි මසන රෙදි මහන යන්ත්‍රනයටද අලි පහරදීම නිසා අලාභ හානි සිදු වී ඇති අතර මීට දින හතරකට පෙර මෙම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ද පත් විය.
දිනෙන් දින වැඩිවන මෙම වන අලි ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටී.


