brand logo
logo
ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය

ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය

30 October 2026

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නව තාක්ෂණය සමඟ මුසු කරමින් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි. 


ඊයේ(29) පැවති මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ ආචාර්‍ය සංගීතා ඩුබේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.


ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක්කිරීම සම්බන්ධයෙන් FAO සංවිධානය විසින් මේ වන විටත් සිදුකර ඇති මූලික ගවේෂණයන්හි ප්‍රතිඵල පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.


විශේෂයෙන්ම, දිවයින පුරා විහිදී ඇති ධීවර වරායන්හි මෙන්ම ලංකා ධීවර සංස්ථාවේද ඩිජිටල්කරණයට අදාළ මූලික පහසුකම් සංවර්ධනය කරමින් ඒවා නවීන තාක්ෂණයට අනුගත කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.


මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ඉදිරි කටයුතු වඩාත් ඵලදායීව සැලසුම් කිරීම සඳහා ප්‍රමුඛතා අවශ්‍යතා ඇගයීමක් සිදුකරන්නේ කෙසේද සහ ඩිජිටල්කරණයට අදාළව අමාත්‍යාංශය හඳුනාගෙන ඇති අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් තවදුරටත් ලබාගත හැකි තාක්ෂණික සහයෝගයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

 

More News..