යුරෝපයේ පාසල්වලට ව්‍යාජ බෝම්බ තර්ජන-ඉතාලියේ පාසල් 300ක සිසුන් ඉවත් කරයි
11 November 2026
යුරෝපයේ පාසල්වලට ව්‍යාජ බෝම්බ තර්ජන-ඉතාලියේ පාසල් 300ක සිසුන් ඉවත් කරයි
11 November 2026
ඉතාලිය, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය යන රටවල පාසල් වෙත ලැබුණු ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් යුරෝපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම තර්ජනාත්මක පණිවුඩ හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ඉතාලියේ පාසල් 300කට වැඩි සංඛ්‍යාවක සිටි සිසුන් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම හදිසි ඉවත් කිරීම් හේතුවෙන් සිසුන් ආපසු නිවෙස් වෙත රැගෙන යාමට පැමිණි දෙමාපියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් බව වාර්තා වේ.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශ කළේ, මෙම බෝම්බ තර්ජනවලින් කිසිදු අනතුරක් නොමැති බවය.
පොලිසිය ඇතුළු ආරක්ෂක ආයතන, තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ අයර්ලන්තයේ පාසල් වෙතද මෙලෙස තර්ජනාත්මක ඊමේල් පණිවුඩ ලැබී තිබූ අතර, අදාළ රටවල බලධාරීන් විසින් ඒවා ව්‍යාජ තර්ජන බව තහවුරු කරගෙන තිබේ.
ඒ හේතුවෙන් පාසල් වසා තැබීමකින් තොරව අඛණ්ඩව අධ්‍යන කටයුතු සිදුකර ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.
යුරෝපයේ රටවල් කිහිපයක පාසල් සහ විවිධ ආයතන ඉලක්ක කරගනිමින් මෑතකදී එල්ල වූ සයිබර් ප්‍රහාර සහ තර්ජන රැල්ලක තවත් එක් දිගුවක් ලෙස මෙම සිදුවීම සැලකේ.
රොයිටර් පුවත් සේවයට අනුව, ඉතාලියේ පාසල් වෙත මෙම ඊමේල් පණිවුඩය ලැබී ඇත්තේ 'විලායත් ඔෆ් මිසෝජිනිස්තාන්' හි නායකයා ලෙස හඳුන්වන මිහායිල් අන්ද්‍රොපොව් නැමැති පුද්ගලයෙකුගෙනි.
මීට පෙර අයර්ලන්තයේ සහ බල්ගේරියාවේ මාධ්‍ය ආයතන වෙත යවන ලද තර්ජනාත්මක ඊමේල් පණිවුඩවල වගකීම භාරගෙන ඇත්තේද මෙම පුද්ගලයා විසින්ම වීම විශේෂත්වයකි.


