brand logo
logo
'2026 ලෝක ළමා දිනය'' වෙනුවෙන් ජාතික සතියක්

'2026 ලෝක ළමා දිනය'' වෙනුවෙන් ජාතික සතියක්

01 October 2026 | කළුමිනි සුපුනි උමාෂි

ඔක්තෝබර් මස 1 වැනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය යනු අප රටේ මෙන්ම ලෝකයේම දරුවන්ගේ අයිතිවාසිකම්, සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වෙන් වූ ඉතා විශේෂ දිනයකි. දරුවෙකු යනු හුදෙක් පවුලකට පමණක් නොව, මුළු මහත් සමාජයටම මෙන්ම රටකටම ආලෝකය ගෙන දෙන අනාගතයේ උරුමකරුවාය.


මෙවර ලෝක ළමා දිනයට සමගාමීව සැප්‍තැම්බර් 25 දින සිට ඔක්තොම්බර් 01 වනදා දක්වා 2026 ලෝක ළමා දින ජාතික සතිය ලෙස නම්කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පැවසුවාය


''මනසින් සවිමත් - දරුවන් පොහොසත්'' යන්න මෙවර ලෝක දින තේමාව වන අතර දරුවන්ගේ අධ්‍යාපනය,සෞඛ්‍ය,ආරක්ෂාව ඇතුළු අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම අරමුණු කර ගනිමින් මෙවර විශේෂ වැඩසටහන් ‍රැසක් ක්‍රියාත්මක කරයි.එමෙන්ම,ළමා අපචාර හා ළමා ශ්‍රමය වැනි සමාජ උවදුරුවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ බවට අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍රරාජ් මහත්මිය පවසා සිටි.


 

 

More News..