Best News Website award
brand logo
logo
 එළවළු  මිල ඉහළට -අලෙවිය පහළට

එළවළු මිල ඉහළට -අලෙවිය පහළට

28 November 2026 | සාලිය කුමාර ගුණසේකර

දිවයිනේ සුපිරි වෙළෙඳසල් රැසක උඩරට එළවළු කිලෝවක් රුපියල් 900 ත්, 1,000 ත් අතර මිලක් දක්වා ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.


එළවළු තොග මිල ගණන් ඉහළ යාම නිසා එළවළු අලෙවිය විශාල ලෙස පහත වැටී තිබෙන බව එළවළු සිල්ලර වෙළෙන්දෝ කියා සිටිති.


බීට්, කැරට්, මාළු මිරිස් ආදිය කිලෝවක සිල්ලර මිල රුපියල් 900 ත්, 1,000 ත් අතර මිලක් දක්වා වැඩි වී ඇත. ආර්ථික මධ්‍යස්ථාන තොරතුරුවලට අනුව කැරට් කිලෝවක තොග මිල රුපියල් 600 ත්, 650 ත් අතර මිලක් දක්වාද, කට් බීට් කිලෝවක තොග මිල රුපියල් 680 ක් 700 ත් අතර මිලක් දක්වාද වැඩි වී ඇත.


ආර්ථික මධ්‍යස්ථානවල දෙහි කිලෝවක් රුපියල් 700 ත්, 750 ත් අතර තොග මිලක පැවැතියද, සිල්ලර වෙළෙඳ පොළේ දෙහි කිලෝවක මිල රුපියල් 1000 ත් 1500 ත් අතර වේ.


තක්කාලි කිලෝවක තොග මිලද රුපියල් 500 ත් 550 ත් අතර මිලක් දක්වා වැඩි වී ඇත. එළවළු මිල ඉහළ යාම හේතුවෙන් හෝටල් රැසක එළවළු පිසීමේදී උඩරට එළවළු වෙනුවට අඹ, කැකිරි, මුකුණුවැන්න ආදිය කෑම පිඟානට එකතුකර තිබේ. මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක අඹ අස්වනු නෙළන බැවින් අඹ මිල ගණන් විශාල ලෙස අඩු වී ඇත.

 

More News..