අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ලාංකිකයින් හමුවෙයි
21 May 2026
අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ලාංකිකයින් හමුවෙයි
21 May 2026
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර ලන්ඩන් නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවී සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ස්වාභාවික ආපදා සහ ජාත්‍යන්තර අර්බුද මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ස්ථාවර කරමින් ජනතාවට සහන සැලසීමට වත්මන් රජය සමත්ව ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි සුබදායී පරිවර්තනයකට ලක්ව ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය සඳහන් කළේ, සියලු ජාතීන්ට සමානව සලකන සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම පුරවැසියෙකුටම සමසේ හිමිවන පාලනයක් රට තුළ ගොඩනැඟී ඇති බවයි.
සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රටාවෙන් බැහැරව පැවති මෙම හමුවේදී, සහභාගී වූ ශ්‍රී ලාංකිකයින්ට අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍යවරිය වෙත සෘජුවම ප්‍රශ්න යොමු කිරීමට සහ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබුණි.
මෙම උත්සවයේ සියලු වියදම්, රාත්‍රී ආහාරය ඇතුළුව, සහභාගී වූවන් විසින්ම දරා ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කළ අතර, මහජන මුදල් භාවිතයෙන් තොරව උත්සවය සංවිධානය කළ බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.
මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා මහතා ද එක්ව සිටියේය.

