brand logo
logo
බෝවැන්න ජලාශය ජලයෙන් පුරවයි

බෝවැන්න ජලාශය ජලයෙන් පුරවයි

20 September 2026 | සුනිල් රූපසිංහ පල්ලේපොල


රොන්මඩ ඉවත් කිරීමට සහ නඩත්තු සදහා ජලය හිස් කල බෝවතැන්න ජලාශය යළි සම්පුර්ණ ජල ධාරිතාවෙන් පුරවා අවසන් කළ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පැවැසීය.


ජලාශය අක්කර අඩි 4537 ක ජලධාරිතාවයෙන් සමන්විත බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා පැවැසීය. 

           

1976 වසරේදී ජනතා අයිතියට පත් කළ බෝවතැන්න ජලාශයේ පිරී ඇති රොන්මඩ ඉවත් කිරීමට සහ නඩත්තු හදුනා ගැනීමට ජලාශය හිස් කර ඇත.


කලාවැව ද්‍රෝණියේ කලාවැව, ඉබ්බන්කටු, කණ්ඩලම ජලාශවලට බෝවතැන්න ජලාශයෙන් දියවර සපයයි.


තත්පරයට ඝණඅඩි දහසක ජලධාරිතාවයක් කලාවැව මුදාහරින ඇල මාර්ගය මීටර් 06ක් උසට රොන්මඩවලින් පිරී තිබූ අතර රොන්මඩ ඝණ මීටර් මිලියන 12000 සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගත් බව

හෙතෙම පැවැසීය.


ජලාශයේ පිරී ඇති රොන් මඩ සමග ඇති වැලි ප්‍රමාණය කෙතරම් ද යන්න හදුනා ගැනීමට සිදුකල පරීක්ෂණ වාර්තාව ලැබීමට නියමිත බවත් ඒ් අනුව වැලි නිස්සාරණ කටයුතු නාඋල ප්‍රාදේශීය සභාවට

පැවැරීමට පියවර ගන්න බවපැවැසීය.


මුහුදු මට්ටමේ සිට ඝණ අඩි 251.5ට බෝවතැන්න ජලාශයේ සම්පූර්ණ ජල මට්ටම ළගාවී ඇති බවත් වේල්ල ඇතුළු සෙසු උපකරණවල නඩත්තු කටයුතු පිළිබදව විද්වත් විමර්ෂණ වාර්තාවක් කැදවා තිබෙන අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, නාඋල ප්‍රාදේශිය සභාව,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,පොලිසිය මෙන්ම සෙසු රාජ්‍ය අයතන ඇතුළු ගම්වාසින් නොවන්නට මෙම කටයුත්ත තවත් කල් ගතවන ක්‍රියාවලියක් බවට පත්වන බව ද හෙතෙම කියා සිටියේය.



 

More News..