කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයන හැටි ඇමති හඳුන්නෙත්ති කියයි
17 March 2026
කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයන හැටි ඇමති හඳුන්නෙත්ති කියයි
17 March 2026
කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා රජය විශේෂ ක්‍රමවේදයක් යටතේ කටයුතු කරමින් සිටින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අද (17) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිකිරීම්, නිෂ්පාදන, අපනයන සහ සේවා කර්මාන්ත ඇතුළු සියලුම ක්ෂේත්‍ර සඳහා ඉන්ධන පහසුකම් අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
මෙම ක්‍රමවේදය යටතේ කර්මාන්ත හිමියන්ට ගූගල් මාර්ගයෙන් ලියාපදිංචි වීමේ පහසුකම ලබාදී ඇති අතර, මේ වනවිට සමාගම් 750කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
එහිදී ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා, ක්ෂේත්‍රය සහ ප්‍රවාහන භාවිතය පිළිබඳ තොරතුරු සවිස්තරාත්මකව ලබාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම තොරතුරු බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත යොමු කර සතියකට නියමිත කෝටා අනුව කර්මාන්ත වෙත සාධාරණව බෙදාහැරීම සිදුකරනු ලබන බව අමාත්‍යවරයා පැවසීය.
එසේම, සමාගම්වලට තමන්ට ආසන්න ඉන්ධන පිරවුම්හල් හෝ තමන්ගේම සැපයුම් මධ්‍යස්ථාන නාමකරණය කිරීමේ අවස්ථාවද ලබාදී ඇති අතර, අදාළ ගිවිසුම් මඟින් සැපයුම් ක්‍රමවත් කර ඇත.
මේ අතර, සංචාරක ක්ෂේත්‍රයටද විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී ඇති අතර, සංචාරකයින් රැගෙන යන වාහන සඳහා පෝලිම් රහිතව ඉන්ධන ලබාදීමට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, රටේ කර්මාන්ත, අපනයන සහ සේවා ක්ෂේත්‍ර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන සැපයුම ප්‍රමුඛ කරමින් කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය

