brand logo
logo
 තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ඇති වූ ගින්නක් 27ක් මරුට

තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ඇති වූ ගින්නක් 27ක් මරුට

13 July 2026


තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයන් 27දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 9දෙනෙකු සහ කාන්තාවන් 18දෙනෙකු සිටින අතර තවත් 60කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.


එමෙන්ම තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවටද වාර්තා වේ.


මෙම අවගන්හල බැංකොක්හි චතුචක් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර එය එම ප්‍රදේශයේ ජනප්‍රිය අවන්හලක් මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ද වන බව එරට මාධ්‍ය වාර්තා කර සිටී.


කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

More News..