brand logo
logo
විදේශීය නිෂ්පාදිත දුම්වැටි 42,000ක් සමග පුද්ගලයෙකු කටුනායකදි අල්ලයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි 42,000ක් සමග පුද්ගලයෙකු කටුනායකදි අල්ලයි

24 April 2026


රුපියල් හැට තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , අද (24) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.


මොහු නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. 


ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 42,000ක් අඩංගු දුම්වැටි කාටූන් 210 ක් සහ විද්‍යුත් දුම්වැටි 15 ක් සගවා ගෙන තිබුණි.


කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

 

More News..