Spa Ceylon, Shangri-La සහ Mastercard එක්වෙයි
10 July 2025
Spa Ceylon, Shangri-La සහ Mastercard එක්වෙයි
10 July 2025
ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon සමඟ Shangri-La Colombo සහ Mastercard එක්ව, ජාත්යන්තර ප්රමිතිවලට සමානව සුවිශේෂී Multi-Sensory Immersive Dining Experience එකක් ලබාදෙමින් උසස් භෝජන සංග්රහයක අත්දැකීමක් ලබාදෙන්නට සමත් වුණා. මේ Event එකේදී සවස් කාලය පුරාවට ආරාධිතයින්ට මුහුද සහ වනාන්තරය දක්වා වූ පංචේන්ද්රිය මූලික කරගත් Immersive Experience එකක් අත්විඳගන්නට හැකියාව ලැබුණා.
Spa Ceylon අලුතින්ම හඳුන්වා දුන් SeaVeda සහ ForestVeda Wellness Ranges වලින් ආභාසය ලබා සකස් කරන ලද මේ භෝජන අත්දැකීම, අන්තර්ජාතික මට්ටමේ කලාත්මක සූපශාස්ත්ර සහ නවීන තාක්ෂණය සමඟ මුසු වුණු, ආරම්භයේ සිට අවසානය දක්වා Immersive Experience එකක් හරහා ආරාධිතයින්ට අලුත් අත්දැකීමක් ලබාදුන් Event එකක් වුණා. අවට ආලෝකකරණය, සැරසිලි, සශ්රීක ශාක සහ අපේ රටේ විචිත්රවත් මුහුදු දර්ශන සහ වැසි වනාන්තර රූප ප්රක්ෂේපණය කරන තිර, එයටම ගැළපෙන ශබ්දවලින් පිරුණු මේ සන්ධ්යාව තවත් සුන්දර කරන්නට උදව් කරගෙන තිබුණා.
Spa Ceylon හි සම-නිර්මාතෘ සහ සමූහ අධ්යක්ෂ ශලින් බාලසූරිය, SeaVeda සහ ForestVeda Ranges වල සුවඳ සහ Textures ඇතුළත් Sensory Wellness Experience එකකින් පැමිණ සිටි පිරිසට Session එකක් පැවැත් වූ අතරම එයින් මේ Product Ranges දෙකේම දර්ශනය, ශබ්දය සහ සුවඳ මුසු කරමින්, ඉන් පසුව පැවති රසවත් ආහාර වේල සඳහා පරිපූර්ණ මඟ පෙන්වීමක් නිර්මාණය කළ බව කිවයුතුයි.
Shangri-La Colombo හි විධායක සූපවේදී පැට්රික් බට්ගරයිට් විසින් විශේෂ ලෙස සකස් කරන ලද Five-Course Menu එකකින් මේ Event එකේ තේමාව මනාව පිළිබිඹු කරන රසවත් ලෙස නිර්මාණය කරන ලද සූපශාස්ත්ර අත්දැකීමක් ලබාදුන්නා. අපේ පුංචි දුපත් අවට සාගරයෙන් ලබාගන්නා අස්වැන්නට උපහාරයක් දක්වමින්, ගැඹුරු රසයන්ගෙන් පිරුණු භෝජනවලින් සංග්රහය ආරම්භ වූ අතර, පසුව වැලි සහිත වෙරළ තීරයන් සහ පාෂාණමය වෙරළ තීරයන් මතකයට ගෙන එන කෑම වර්ග වෙත යොමු වීම සිදුවුණා. ඉන්පසු අපේ රටේ වනාන්තරවල බහුල සහ අපේ රටේ සම්ප්රදායන්ට ගරු කරමින්, තේ, කුළුබඩු සහ දේශීය වශයෙන් ලබාගත් ඖෂධ පැළෑටිවලින් පිරුණු භෝජන පිළිගැන්වුණා. Spa Ceylon Palaceware Collection එකේ එන වීදුරු භාණ්ඩ, රාත්රී භෝජන උපකරණ සහ මේස රෙදි, Napkins වලින් මේ හැමදෙයක්ම අලංකාරවත් ලෙස පිළිගන්වුණා.
මේ Multi-Sensory Immersive Dining Experience එක Shangri-La Colombo සහ Mastercard සමඟ සහයෝගයෙන් Spa Ceylon විසින් ජුනි මාසයේ ‘Wellness Month 2025’ පුරාවටම පවත්වන ලද Wellness Events මාලාව සඳහා විචිත්රවත් අවසානයක් ලබා දුන් බවට සහතිකයි.
Spa Ceylon පිළිබඳව: 2009 මැයි මස ශිවන්ත ඩයස් සහ ශලින් බාලසූරිය සහෝදරයන් දෙදෙනා එක්ව ආරම්භ කළ Spa Ceylon, Global Luxury Wellness අංශයේ නමගිය බලවේගයක් බවට පත්ව ඇති අතර ඉන් Luxury Ayurveda සන්නාමය ලොවට ගෙන යාමට සමත් වී තිබෙනවා. රටවල් 33ක් පුරා අලෙවිසැල් 140කට වැඩි පුළුල් අන්තර්ජාතික ව්යාපාරයකට හිමිකම් කියන Spa Ceylon, ලොව විශාලතම Luxury Ayurveda දාමය ලෙස ද හඳුන්වනවා. Spa Ceylon අපේ රටේ පුරාණ ආයුර්වේද දැනුම ග්රහණය කර ගනිමින් සම්බාහන චාරිත්ර මාලාවක් සහ ගත, සිත, මනස සන්සුන් කෙරෙන රාජකීයත්වය පිරි නිෂ්පාදන පෙළක් නිර්මාණය කරන අපේ රටෙන් ජාත්යන්තරයට ගිය සන්නාමයක් ලෙස නම් දරන අතර Spa Ceylon නිෂ්පාදන තිරසාර පැවැත්ම සඳහා අඛණ්ඩ කැපවීමකින් මෙන්ම ප්රජාවන්ගේ යහපැවැත්ම පිළිබඳව ද සැලකිලිමත් වන සන්නාමයක් ලෙස ලොව පුරා ප්රසිද්ධ වී තිබෙනවා. Spa Ceylon නිෂ්පාදන සත්ත්ව හිංසනයෙන් තොර, සදාචාරාත්මකව මූලාශ්ර කරගත් තිරසාර ව්යාපාරික භාවිත සඳහා එහි අඛණ්ඩ කැපවීම සහ ප්රජාවන්ගේ යහපැවැත්ම සඳහා සවිගන්වන්නට සැලකිලිමත් වන සන්නාමයක් ලෙස සඳහන් කරන්නට හැකිවනවා.