Best News Website award
brand logo
logo
 දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් නොමිලේ ඇස් කණ්ණාඩි

දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලින් නොමිලේ ඇස් කණ්ණාඩි

23 November 2026


දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් වූ ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනක් නොවැම්බර් 28 සහ 29 යන දෙදින තුළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


ඒ අනුව, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි පාසල් 135ක සිසුන් 1,193දෙනෙකුට මෙහිදී ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමට නියමිතය.


මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර, තෙල්දෙණිය, වත්තේගම සහ කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් සිසුන් සඳහා නොවැම්බර් 28වෙනිදා වත්තේගම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේදී ඇස් කණ්ණාඩි ප්‍රදානය කෙරේ.


එදිනම ගම්පොළ සහ දෙනුවර අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම ජිනරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සිදු කෙරේ.


මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නාඋල, ගලේවෙල සහ මාතලේ අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය නොවැම්බර් 28වෙනිදා මාතලේ විජය ජාතික පාසලේදී සිදු කරනු ලබයි.

 

More News..