brand logo
logo
අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක් හදිසියේ ගිනි ගනී

අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක් හදිසියේ ගිනි ගනී

19 May 2023

අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක හදිසියේ ගිනිගැනීමකට ලක්වී තිබේ.


අද (19) සවස ගින්න ඇතිවී තිබෙන අතර රුපියල් කෝටි ගණනක බඩ තොගයක් එහි තිබූ බව වාර්තා වෙයි.


මෙම ගිනිගැනීම සිදුව ඇත්තේ අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතිය හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබියදීයි.  


අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් මෙම බට තොගය අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී මෙම ගින්න ඇතිවී තිබේ.


මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.


අරණායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

 

More News..