brand logo
logo
අයිස් හදන්න ගෙන්වන බඩු 23ක් පාලනයට

අයිස් හදන්න ගෙන්වන බඩු 23ක් පාලනයට

07 November 2026 | එෆ්. අස්ලම්

අයිස්, හෙරොයින් වැනි විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාධනයට යොදා ගනු ලබන ජාත්‍යන්තර වශයෙන් පාලනයට ලක්ව තිබෙන පුරෝගාමී රසායනික ද්‍රව්‍ය 51 න් 23 ක්ම මෙරටට ආනයනය වන බව අන්තරායකර ජාතික ඖෂධ මණ්ඩලය පවසයි.


එම පුරෝගාමී රසායනික ද්‍රව්‍ය 23 ම තම ආයතනය මගින් පාලනයට ලක්ව තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික කමාන්ඩර් කේ.කේ.එස්. කොතලාවල ‘සති අග අරුණ’ ට පැවසීය.


ජාත්‍යන්තර වශයෙන් පාලනයට ලක් කර ඇති තම මණ්ඩලයේ පාලනයෙන් තොර විෂ රසායන ද්‍රව්‍ය 24 පාලනයට නතු කරමින් සිය පනත සංශෝධයනය සිදුකෙරෙමින් පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.


තම මණ්ඩලයේ පාලනයට ලක්ව තිබෙන රසායනික ද්‍රව්‍ය 23 ම ආනයන පාලක ජනරාල්ගේ අනුමැතිය මත මෙරට කර්මාන්ත හා ඖෂධ නිෂ්පාදන කටයුතු සඳහා ගෙන එන බවද ඒවා අතිශය සීමාකාරී සහ දැඩි නියාමනයකට ලක් කරමින් අදාළ අංශ වෙත සපයන බවද හෙතෙම කියා සිටියේය.


 මෙම රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට උත්සහා කළ සිදුවීම් තුනක් යාපනය, මාලබේ හා වැලිගම ප්‍රදේශවලින් වාර්තා වූ බවද එම රසායනිකයන් විෂ වීමෙන් මාලබේ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු මියගිය බවද අන්තරායකර ඹෟෂධ පාලක මණ්ඩලය පවසයි.


ජාත්‍යන්තර වශයෙන් පාලනයට ලක්කර තිබෙන පුරෝගාමී රසායනික ද්‍රව්‍ය භාවිත කරමින් හඳුනා නොගත් අතිෂය භයානක මත්ද්‍රව්‍ය ආදියද නිෂ්පාදනය කිරීම් බොහෝ රටවල්වල සැලකිය යුතු ප්‍රවණතාවක පැවතීම මත ලෝ පුරා මෙම පුරෝගාමී රසායනික ද්‍රව්‍ය දැඩි නියාමනයකට ලක්කර ඇත.

 

More News..