brand logo
logo
පොල්ගහවෙල - පේරාදෙණිය අතර ධාවනයට නව දුම්රියක්

පොල්ගහවෙල - පේරාදෙණිය අතර ධාවනයට නව දුම්රියක්

10 October 2026


පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් සඳහා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පසු පසුගිය 02 දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන, ගම්පල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය කරන බවය.


මීට සමගාමවී පොල්ගහවෙල - පේරාදෙණිය අතර දුම්රිය මගින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තුවන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා එළැඹෙන සඳුදා (12) වන දින සිට දිනපතා දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

More News..