brand logo
logo
කෝටි 6කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

කෝටි 6කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

28 October 2026 | ටී.කේ.ජී.කපිල-කටුනායක


රුපියල් හය කෝටි දෙලක්ෂ හැට පන් දහසක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් , ගුවන් තැපැල් පාර්සල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී අද (28) දින දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .


 තායිලන්තය , ස්පාඤ්ඤය , එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යාජ ලිපිනයන් වෙත කුෂ් , හෂීෂ් , කොකේන් සහ එක්ස්ටැසී යන මත්ද්‍රව්‍ය පාර්සල් 09 ක් තුළ අසුරා එවා තිබුණි .


මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , එම ලිපිනයන් පිළිබද සොයා බැලීමේ දී , ඒවා ව්‍යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීම නිසා , ඒවාඅද දින දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට විවෘත කිරීම සිදු කෙරුණි .


මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

 

More News..