brand logo
logo
රුහුණු සරසවි සිසුන්ට  නොමිලේ ඇස් කණ්ණාඩි

රුහුණු සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි

11 October 2026 | විජිත සල්ගාදු - අකුරැස්ස


ජනාධිපති අරමුදල මඟින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර 10 වෙනි දින රුහුණ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විනි.


ඒ අනුව, සිසු සිසුවියන් 1,000 කට අධික පිරිසකගේ ඇස් පරීක්ෂා කිරීම, ඇස් කණ්ණාඩි රාමු තෝරාදීම සහ ශ්‍රවණ පරීක්ෂණ සිදු කිරීම මෙහි දී සිදු කෙරින. පරීක්ෂණවලින් අනතුරුව අවශ්‍ය සිසුන් සඳහා මාසයක් ඇතුළත නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට නියමිතය.


මෙහි පළමු අදියර පසුගියදා රජරට විශ්වවිද්‍යාලයේ දී පැවති අතර, එහි දී සිසු සිසුවියෝ 600 ක් ප්‍රතිලාභ ලැබූහ.


මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ. ජයන්ත යන මහත්වරුන්ද , රුහුණු විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී මංජුලා යාපා, ශිෂ්‍ය කටයුතු අංශයේ සහකාර ලේඛකාධිකාරී තනූජා දමයන්ති යන මහත්මින් සහ විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් , Wish පදනමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

More News..