brand logo
logo
දෙමාපියන් දරුවන් සමඟ සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යායුතු බව අගමැතිනිය කියයි

දෙමාපියන් දරුවන් සමඟ සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යායුතු බව අගමැතිනිය කියයි

11 October 2026

දරුවන් තේරුම් ගැනීමට නම් දරුවන්ගේ මානසික මට්ටමින් හිතන්න පුරුදු විය යුතු බවත්, දරුවන් සහ වැඩිහිටියන් අතර පරතරය අවම කර ගැනීමට දරුවන් සහ වැඩිහිටියන් අතර හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුබ සාධක සංගමය ළමා දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (11) සංවිධාන කර තිබූ ළමා දින සැමරුම් උත්සවය අමතමිනි.

"දරුවන් තමයි අපේ ලෝකය. ඒ දරුවන්ගේ අනාගතය යහපත් කරන්නයි අපි ඔවුන් වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම ඉටු කරන්න කටයුතු කරන්නේ.

දෙමව්පියන් විදිහට වැඩිහිටියන් විදිහට අපිට තියන විශාල අභියෝගයක් තමයි දරුවන් සහ වැඩිහිටියන් අතර පවතින පරතරය අවම කර ගැනීම. වර්තමාන දරුවන් අපිට වඩා තාක්ෂණ පිළිබඳ දැනුමෙන් ඉතා ඉහළයි. ඒ නිසා වැඩිහිටියන් සහ දරුවන් සමඟ මනා සන්නිවේදනයක් පවත්වා ගනිමින් පරතරය අවම කර ගන්න එක වැඩිහිටි අපේ වගකීමක්."

 

More News..