brand logo
logo
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම අරඹයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම අරඹයි

24 September 2026 | ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, විමලසුරේන්ද්‍ර ජලාශය මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබේ.


විමලසුරේන්ද්‍ර ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එහි වාන් දොරටු මඟින් ජලය පිටතට ගලා යාම ආරම්භ වී ඇති අතර, ජලාශ පහළ ප්‍රදේශවල ජනතාවට පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද දැනුම් දී තිබේ.


අඛණ්ඩව වැසි පවතින්නේ නම් මධ්‍යම කඳුකරයේ අනෙකුත් ජලාශවලද ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින්, ජලාශ ආශ්‍රිත පහත් බිම්වල සහ ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බව බලධාරීහු පෙන්වා දෙති.


මේ අතර, අධික වර්ෂාවත් සමඟ කඳුකර මාර්ගවල ගස් කඩා වැටීම් හා පස්කඳු කඩා වැටීම් සිදුවිය හැකි බැවින් රියැදුරන් සහ මාර්ග භාවිත කරන ජනතාවද විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීම් කෙරේ.

 

More News..