විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
28 March 2026
විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
28 March 2026
රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
32 හැවිරිදි වියේ පසුවන සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.
ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරිවල නිරත රේගු නිලධාරීන් දැක බියට පත් ව ඇති අදාළ සැකකරු, සිය ගමන් මලු අතහැර දමා පළා යාමට උත්සහ කර තිබේ.
එහිදී එම නිලධාරීන් විසින් සැකකරු නවතා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දුම්වැටි සොයා ගැනීමට හැකි වී ඇත.
ඔහුගේ ගමන් මලු තුළ තිබී විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි 20,200ක් අඩංගු දුම්වැටි කාටූන් 101ක් සොයා ගත් බවද සඳහන්.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

