brand logo
logo
තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

26 May 2024



ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කරගනිමින් ඇතිවූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.


ඊයේ (25) එම සිදුවීම වාර්තා වී තිබුණේ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර බණ්ඩාරනායක වටරවුම ආසන්නයේදීය.


එලෙස මියගොස් ඇත්තේ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් වන අතර මරණකරු වෙසක් සිරි නැරඹීම සඳහා තම හිතවතුන් කිහිපදෙනෙකු සමග ඔරුගොඩවත්ත දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබුණි.


ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 හා 18 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


 

More News..