brand logo
logo
 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17 ඉක්මවයි

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 17 ඉක්මවයි

06 October 2026


වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා තිබේ.


සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 14 වැනි දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,717,028කි.


මේ අතර ඔක්තෝබර් මස 01 වැනි දින සිට 04 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයින් 23,349ක් බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.


වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 447,476කි.


මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 161,886ක්, චීනයෙන් 114,678ක් සහ ජර්මනියෙන් සංචාරකයින් 98,262ක්ද මෙරටට පැමිණ තිබේ.


ඔක්තෝබර් මාසයේ මුල් දින 4 තුළද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 10,062ක් පැමිණ තිබේ.

 

More News..