brand logo
logo
හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

05 October 2026


කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.


මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත්තේ කටුගස්තොට ජල පවිත්‍‍රාගාරයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.


ඒ අනුව, හෙට (06) පෙරවරු 09.00 සිට ඔක්තෝබර් 08 වනදා පෙරවරු 09.00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.


මේ හේතුවෙන් උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවෙනු ඇත.


ජල සැපයුම විසන්ධි කිරීම නිසා පාරිභෝගික ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.


එමෙන්ම, අදාළ කාල සීමාව සඳහා අවශ්‍ය ජලය කලින්ම රැස්කරගෙන, ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද මණ්ඩලය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී

 

More News..