brand logo
logo
ඉදිරි පැය 36දී තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 36දී තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

31 July 2026


ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (31) පස්වරු 4.00ට විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.


එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.


ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ අවදානමක් ද පවතින බව එම නිවේදනයේ දැක්වේ.


මේ අතර මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්වල්ප වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


තවද උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල මෙන්ම මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

 

More News..