අනවසර විදුලි රැහැනක පැටලී වනඅලියෙකු දිවි හැරයයි
05 November 2026
අනවසර විදුලි රැහැනක පැටලී වනඅලියෙකු දිවි හැරයයි
05 November 2026
වැලිකන්ද කඩවත්මඩුව ගම්මානයේ ගෙවත්තක් වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි වැටක ගැටී
වනඅලියෙකු මියගොස් ඇති බව වැලිකන්ද වනජීවි නිලධාරින් සඳහන් කරයි.
මියගිය වනඅලියාගේ වයස අවුරුදු තිස්පහක් පමණ බවත් ගෙවල් වටා අනවසරයෙන් විදුලි රැහැන ඇද තිබූ ගෙවත්තේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව වැලිකන්ද වනජීවි නිලධාරීන් සඳහන් කරයි.
ගෙවත්තේ භෝග වගාවන් රැකගැනීම සඳහා අනවසරයෙන් එම නිවසේ හිමිකරු මෙම විදුලි රැහැන ඇද තිබේ.
වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

