brand logo
logo
එංගලන්තයට  ජය

එංගලන්තයට ජය

03 February 2026

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති 3 වැනි සහ අවසන් 20-20 තරගය ලකුණු 12කින් ජය ගැනීම එංගලන්ත කණ්ඩායම අද (03) සමත්විය.


ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාලිය 3ට 0ක් ලෙස එංගලන්තය ජය ගත්තේය.


පල්ලේකැලේදී පැවැති තරගයේ කාසියේ දිනූ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ් අනුව පිටියට පිවිසි එංගලන්ත පිළේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත්වුණි.


අනතුරුව ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ ඒංගලන්ත මුල්පෙළ පිතිකරුවන් දවා ගත්තේ එංගලන්ත මුල් කඩුලු 6 ලකුණු 60ක් තුළ දවා ගනිමින්ය.


සෑම් කරන් ලකුණු 58ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.


ඒ අනුව එංගලන්ත පිල නියමිත පන්දුවාර 20දි කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස් කළේය.


සිය 20-20 දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කළ දුෂ්මන්ත චමීර ලකුණු 24කට කඩුලු 5ක් බිඳ හෙළුවේය.


ලකුණු 129ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4ක ලකුණු 62ක් තුළ බිඳවැටුණි.

 

More News..