brand logo
logo
  ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

14 August 2026

ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.


ඔහු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකුද රැගෙනවිත් තිබේ.

අද රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.


දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි. ශිරාන් බාසික් ඉකුත් 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබුණි.

පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.

ඔහු ඉකුත් ඉරාන - අමෙරිකා යුද්ධයේදී, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ජායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු පිළිබඳ විමර්ශන කටයුතු සඳහා අමෙරිකාව විසින් එරටට ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබූ බව වාර්තා වෙයි.

එමෙන්ම මොහු ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බවට සැලකේ.


කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු , සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත, දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන යාමට නියමිතය.

 

More News..