හඳට ගිය ගගනගාමීන් සිව්දෙනා යළි පෘථිවියට ආ හැටි
11 April 2026
හඳට ගිය ගගනගාමීන් සිව්දෙනා යළි පෘථිවියට ආ හැටි
11 April 2026
'Artemis II' මෙහෙයුම යටතේ ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ගගනගාමීන් සිව්දෙනා සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර මේ වනවිට පෘථිවියට පැමිණ සිටියි.
ගගනගාමීන් රැගත් ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවනු ලැබීය.
මෙම ඉතිහාසගත මෙහෙයුමේදී ගගනගාමීන් රැගත් යානය නැවත පෘථිවියට පැමිණීම පිළිබඳ සටහනක් නාසා ආතනය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත.
සැතපුම් 75 ක් (කිලෝමීටර් 120) ඉහළදී:
පැයට සැතපුම් 25,000 ක (පැයට කිලෝමීටර් 40,000) වේගයෙන් යානය වායුගෝලයට ඇතුළු විය. මෙහිදී ඇතිවන අධික වායු ඝර්ෂණය නිසා යානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,750ක් දක්වා ඉහළ ගොස් ඇත.
අඩි 25,000 ක් (කිලෝමීටර් 7.5) ඉහළදී:
යානයේ වේගය පැයට සැතපුම් 325 දක්වා අඩු විය. මෙහිදී යානය ස්ථාවර කර ගැනීමට සහ වේගය තවත් අඩු කිරීමට පැරෂුට් දෙකක් (Drogue parachutes) විවෘත විය.
අඩි 9,000 ක් (කිලෝමීටර් 3) ඉහළදී:
වේගය තවත් අඩු වී (පැයට සැතපුම් 130), ප්‍රධාන පැරෂුට් තුනක් විවෘත විය.
මුහුදට පතිත වීම (Splashdown):
අවසානයේ පැයට සැතපුම් 20 ක පමණ ඉතා අඩු වේගයකින් යානය පැසිෆික් සාගරයට ආරක්ෂිතව පතිත වේ. ඉන්පසු නාවික හමුදා කණ්ඩායම් මගින් යානය සහ ගගනගාමීන් මුදාගනු ලබයි.
මෙය සඳ වටා ගොස් නැවත පැමිණෙන යානයක් ඉතා අධික වේගයකින් සහ උෂ්ණත්වයකින් ආරක්ෂා වී පොළොවට එන ආකාරය පෙන්වන තාක්ෂණික සටහනකි.

