brand logo
logo
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

09 August 2026

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම එහි උපරිම ධාරිතාව වෙත ළඟා වීම හේතුවෙන්, අද (09) පස්වරු 7.00ට ජලාශයේ වාන් දොරටු සුළු වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.


ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය (කොත්මලේ) නිවේදනය කළේ, මෙම වාන් දොරටු හරහා තත්පරයට ඝන මීටර 20ක පමණ වේගයකින් අතිරික්ත ජලය කොත්මලා ඔයට මුදා හැරෙන බවය.


මෙම තත්ත්වය මත ජලාශයෙන් පහළ කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉතා සුළු වශයෙන් ඉහළ යාමක් සිදුවිය හැකි බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් වහා දැනුවත් කරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


 

More News..