ලංගම බස් රථ 7,130ක් සහ පළාත් බස් දත්ත පාර්ලිමේන්තුවට අනාවරණය කෙරේ
05 November 2026
ලංගම බස් රථ 7,130ක් සහ පළාත් බස් දත්ත පාර්ලිමේන්තුවට අනාවරණය කෙරේ
05 November 2026
ලංකා ගමනාගමන මණ්ඩලයේ ලියාපදිංචි බස් රථ 7130ක් පවතින බව මහමාර්ග සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (05) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
ඉන් 6987ක් සාමාන්‍ය බස් රථ වන අතර 143ක් සුඛෝපභෝගී බස් රථ බව ඒ මහතා කියාසිටියේය.
කෙසේවෙතත් අදාළ බස් රථවලින් 5000ක් පමණ ධාවනයට සුදුසු මට්ටමේ පවතින බව හෙතෙම අනාවරණ කළේය.
මේ අතර බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස්රථ 5524ක් ද මධ්‍යම පළාත තුළ බස්රථ 2433ක් ද දකුණු පළාත තුළ බස්රථ 1326ක් ද ධාවනය වන බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියේය.
උතුරු පළාතේ පෞද්ගලික බස්රථ 976ක් ද නැගෙනහිර පළාතේ බස්රථ 520ක් ද වයඹ පළාතේ බස්රථ 1324ක් ද උතුරුමැද පළාතේ බස්රථ 509ක් ද ඌව පළාතේ බස්රථ 1043ක් ද සබරගමුව පළාතේ බස්රථ 1866ක් ද ධාවනය කෙරේ.
ලංකා ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා දක්වා පෞද්ගලික බස්රථ 2966කට බලපත්‍ර නිකුත් කර තිබේ.
ඒ අනුව සාමාන්‍ය සේවා බස්රථ 1826ක්, අර්ධ සුඛෝපභෝගී බස්රථ 257ක්, සුභෝපභෝගී බස් රථ 651ක් සහ අධිසුඛෝපභෝගී බස්රථ 232ක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව මහමාර්ග සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

