ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,000 සීමාව ඉක්මවයි
04 September 2026
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,000 සීමාව ඉක්මවයි
04 September 2026
2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 96,040 දක්වා ඉහළ ගොස් තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, අගෝස්තු මාසයේදී රෝගීන් 10,155 දෙනෙකු වාර්තාවී ඇති බවය.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තාවී ඇති බව සඳහන්ය.
මෙම කාලයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 50,760කි. දකුණු පළාතෙන් රෝගීන් 13,931ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,788ක් සබරගමුව පළාතෙන් රෝගීන් 7,910ක් ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම වැඩිම රෝගීන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 20,444ක් වේ.
තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,008 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,043 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,154 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,181 දෙනෙකු වාර්තාවී ඇත.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 50ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

