ඉන්දුනීසියාවේ සක්‍රීය වූ ගිනිකන්ද නිසා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් මාර්ගවල වෙනසක්
06 September 2026
ඉන්දුනීසියාවේ සක්‍රීය වූ ගිනිකන්ද නිසා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් මාර්ගවල වෙනසක්
06 September 2026
ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර පිහිටි ගිනි කන්දක් සක්‍රීයවීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නුවර සිට අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා දෙකෙහි ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර, ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව අතර ගමන් කරන මැදපෙරදිග ගුවන් සේවාවලට අයත් යානා රැසකද ගුවන් ගමන් වෙනස් කර තිබේ.
ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර පිහිටි අනැක් ක්‍රැකටෝවා (Anak Krakatau) ගිනි කන්ද සක්‍රීයවීම හේතුවෙන් ජකර්තාහි සුකර්නෝ-හත්තා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයක ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.
අද (06) ඇතිවූ මෙම තත්ත්වයෙන් ගිනි කන්දෙන් පිටවන අළු සහ සිලිකා අඩංගු පාෂාණමය කොටස් ඉහළ අහසේ විශාල ප්‍රදේශයක පැතිර යෑම හේතුවෙන් ගුවන්යානාවල එන්ජින් සහ පාලන පද්ධතිවලට හානි සිදුවීමේ අවදානමක් පවතී.
මෙම තත්ත්වය හමුවේ ඉන්දුනීසියානු ගුවන්ගමන් බලධාරීන් විසින් ගිනි කන්දට බටහිරින් ශ්‍රී ලංකාවට පහළින් පිහිටි විශාල ගුවන් කලාපය හරහා පියාසර කිරීම වළක්වන ලෙස නිවේදනය කර ඇත.

