brand logo
logo
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන නැව් වලට ඉරානයෙන් පණිවිඩයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන නැව් වලට ඉරානයෙන් පණිවිඩයක්

27 March 2026

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බැවින් එම මාර්ගය හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට දැඩි පියවර ගැනීමට සිදුවන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි.


විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද (27) උදෑසන ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රා තුනක් ආපසු හරවා යවා ඇති බවය.


බහාලුම් නැව් තුනක් අවසර ලත් යාත්‍රා සඳහා නම් කරන ලද කොරිඩෝව දෙසට යාමට උත්සාහ ඇත.


නාවික හමුදාවේ අනතුරු ඇඟවීමකින් පසු ඒවා ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.


හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර ඒ හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට ස්ථිර ප්‍රතිචාර දක්වන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කරයි. 

 

More News..