Best News Website award
brand logo
logo
දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉන්දීය ඩොලර් මිලියන 450ක ආධාර පැකේජයේ ප්‍රගතිය සමාලෝචනය කරයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉන්දීය ඩොලර් මිලියන 450ක ආධාර පැකේජයේ ප්‍රගතිය සමාලෝචනය කරයි

24 November 2026


‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදීමට ප්‍රකාශයට පත් කළ අමෙරිකානු ඩොලර් මිලියන 450ක ඉන්දීය ආධාර පැකේජය යටතේ ක්‍රියාත්මක වන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කර තිබේ.


ඒ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර පවත්වා ඇති බව සඳහන් වේ.


එහිදී දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ තාවකාලික හා ස්ථිර පාලම් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක කඩිනම් ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වය සිය ප්‍රසාදය පළ කර තිබේ.


එමෙන්ම, පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස යළි ඉදිකිරීම සඳහා ආධාර ලබාදීමේ වැඩසටහන් කඩිනම් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.


මීට අමතරව, ඉන්දීය ණය පහසුකම් යටතේ වාහන මිලදී ගැනීම සහ පශු සම්පත් සැපයීම සම්බන්ධ ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.

 

More News..