කොත්මලේ වාන් දොරටු විවෘත කරයි
11 November 2026
කොත්මලේ වාන් දොරටු විවෘත කරයි
11 November 2026
කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ වාන් දොරටු අද (11) උදෑසන විවෘත කර තිබේ.
අද උදෑසන 11.30ට වාන් දොරටු විවෘත කර ඇති අතර, එමඟින් තත්පරයට ඝණ මීටර් 150ක ජල ප්රවාහයක් කොත්මලා ඔයට නිදහස් කිරීමට නියමිතය.
අද උදෑසන 10.15ට ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට උස මිටර් 701.3ක් ව පැවති අතර, එය වාන් මට්ටමට වඩා මීටර් 1.7ක් පහළින් සටහන්ව තිබූ බව කාර්යභාර ඉංජිනේරුවරයා නිවේදනය කරයි.
එසේ වුවද පවතින වැසි සහිත කාලගුණික තත්වය සහ ඉදිරි කාලගුණික පුරෝකථන අනුව පෝෂිත ප්රදේශවලට ඇති විය හැකි වර්ෂාපතනය සලකා ජලාශයේ ජල මට්ටම තරමක් අඩු කර පහත් නිම්න ප්රදේශවලට ඇති විය හැකි අවදානම අඩුකර ගැනීම සඳහා මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට තීරණය කර ඇත.
එබැවින් කොත්මලා වේල්ලෙන් පහළ කොත්මලා ඔය සහ මහවැලි ගඟ ආශ්රිත ප්රදේශවල ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද කාර්යභාර ඉංජිනේරුවරයා දැනුම්දෙයි.

