Best News Website award
brand logo
logo
ධුරයෙන් සමුගන්නා ඉන්දීය මහකොමසාරිස් මහනාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගනී

ධුරයෙන් සමුගන්නා ඉන්දීය මහකොමසාරිස් මහනාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගනී

29 November 2026

සිය ධුර කාලය නිමා කරමින් ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයන්හි අතිපූජ්‍ය මහනායක හිමිවරුන් හමුවී සමුගැනීමේ ආශිර්වාද ලබාගෙන ඇත.


'දිට්වා' සුළි කුණාටුවෙන් පසු මෙරට යළි ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් ඉන්දියාව දක්වන අඛණ්ඩ කැපවීම පිළිබඳව එහිදී මහකොමසාරිස්වරයා විසින් මහනාහිමිවරුන් දැනුවත් කළ බව සඳහන් වේ.


එමෙන්ම, ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ යෝජිත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අදාළ තොරතුරු ද ඒ මහතා විසින් උන්වහන්සේලා වෙත ඉදිරිපත් කර ඇත.

මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ද ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර තිබේ.

 

More News..