නාමල්ගේ ඇප පෙත්සම ගැන තීන්දුව දෙසැම්බර් 14
25 November 2026
නාමල්ගේ ඇප පෙත්සම ගැන තීන්දුව දෙසැම්බර් 14
25 November 2026
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය දෙසැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ එම පෙත්සම අද (25) සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.


