පාචනය, අතීසාරය පැතිර යාමේ අවදානමක්
08 December 2025 | ශිරාන් රණසිංහ
පාචනය, අතීසාරය පැතිර යාමේ අවදානමක්
08 December 2025 | ශිරාන් රණසිංහ
ගංවතුර බැස යාමත් සමග පාචනය හා අතීසාරය ඇතුළු රෝග පැතිර යාමේ බරපතළ අවදානමක් මතුවී ඇති නිසා උණුකර නිවාගත් ජලය පමණක් පාවිච්චි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතුව ඇති බවයි.
ඩෙංගු, මී උණ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අකුරටම පිළිපදින ලෙසද ඉල්ලා සිටී.
වයිරස් උණ සහ ශ්වසන රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බවත් ගර්භනී මව්වරු, දරුවන්, වයස්ගත අය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු බවද වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කර සිටී.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල සියයට 80ක් ජල මූලාශ්‍ර අපවිත්‍ර වී ඇතැයිද උණු කළ ජලය පමණක් භාවිත කිරීම අතිශය වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.

