විද්‍යුත් සංචාරක අවසර පත්‍ර වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රියයි
24 November 2026
විද්‍යුත් සංචාරක අවසර පත්‍ර වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රියයි
24 November 2026
මෙරට විද්‍යුත් සංචාරක අවසර පත්‍ර (ETA) නිකුත් කිරීමේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
පද්ධතියේ සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, නැවත දැනුම්දෙන තුරු ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට පූර්ව විද්‍යුත් සංචාරක අවසරයක් ලබාගැනීමකින් තොරව ගුවන් යානාවලට ගොඩවීමට තාවකාලික අවසර ලබාදී තිබේ.
කෙසේ වෙතත්, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම තාවකාලික සහනය පාකිස්තානය, කැමරූන්, නයිජීරියාව, අයිවරි කෝස්ට්, ඝානාව, ඇෆ්ගනිස්තානය සහ සිරියාව යන රටවල පුරවැසියන්ට අදාළ නොවේ.
මෙම සහනය සඳහා සුදුසුකම් ලබන මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී හෝ වෙනත් අදාළ පිවිසුම් ස්ථානයකදී විද්‍යුත් සංචාරක අවසර පත්‍රය හෝ සංචාරක වීසා ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත්, මෙම තාවකාලික සහනය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා පවතින වීසා අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් නොවන බව ද අවධාරණය කර තිබේ.
ඒ අනුව මෙරටට පැමිණෙන සියලුම මගීන් සාමාන්‍ය ආගමන පරීක්ෂණ ක්‍රියාවලියට මෙන්ම අදාළ වීසා සහ විද්‍යුත් සංචාරක අවසර පත්‍ර කොන්දේසිවලට යටත් වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීම පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය ආගමන බලධාරීන් සතු වන බව ද නිවේදනයේ සඳහන් වේ.
පද්ධතිය යථා තත්ත්වයට පත්කර සාමාන්‍ය ක්‍රියාපටිපාටිය යළි ආරම්භ කළ පසු ඒ පිළිබඳව සංචාරකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.


