brand logo
logo
ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

31 July 2026

මාසික ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයට අනුව අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල ගණන් කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.


අද (31) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා මේ බව ප්‍රකාශ කළේය.


ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414.00ක් ලෙස පෙර පැවති මිලටම අලෙවි කෙරේ.


එසේම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382.00ක් ලෙසත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 495.00ක් ලෙසත් කිසිදු සංශෝධනයකින් තොරව පවතී.


තවද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 478.00ක් ලෙසත්, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285.00ක් ලෙසත් පෙර පැවති මිල ගණන් යටතේම පවත්වාගෙන යන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..