brand logo
logo
පියා ඝාතනය කළ පුතාට මරණ දඬුවම නියම වෙයි

පියා ඝාතනය කළ පුතාට මරණ දඬුවම නියම වෙයි

22 October 2026 | අමදෝරැ අමරජීව - ත්‍රිකුණාමලය


තම පියාට පොල්ලකින් පහරදී ඝාතනය කළ පුතෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාර මිනීමැරීමේ චෝදනාව යටතේ අද (22) ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්.අබ්දුල්ලා මහතා මරණ දඬුවම නියම කළේය.


මෙසේ මරණ දඬුවම නියම වූයේ මූතූර්, තෝපූර්, පාල්තඩිචේනෙහි පදිංචි කයිලාසපිල්ලේ විනෝදරන් (35) නැමති අයෙකුටය.2022 අප්‍රේල් මාස 17 වෙනි දින හෝ ඊට ආසන්න දිනකදී චූදිත විසින් සිය පියාට පොල්ලකින් පහරදී මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර තිබූ අතර මෙහි මූලික නඩු විභාගය මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග විය.


අනතුරුව නීතිපති විසින් අධි චෝදනා ගොනු කිරීමෙන් පසු නඩු විභාගය 2024 සිට ත්‍රිකුණාමල මහාධිකරණයේ විභාග වුණි.


නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු චූදිත විසින් තමන් මත්පැන් පානය කර සිටී අවස්ථාවේ සිය පියා ඝාතනය කළ බවත් එම නිසා ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසද ඉල්ලා තිබුණි.


 

More News..