brand logo
logo
දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

28 May 2026

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


සාලියපුර ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇත.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාලියපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු මවකි.


ස්වයං රැකියාවක නිරතව සිට ඇති ඇය අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් අයිස් පැකට් අළෙවි කර යතුරුපැදියෙන් ආපසු නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.


කෙසේවෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටු සවිකර නොමැති අතර දුම්රිය ගේට්ටු කරුවෙකුද නොමැති බවය. 


එමෙන්ම දුම්රිය මාර්ගයේ දෙපස වංගු සහිත වීම හේතුවෙන් දුම්රිය මාර්ගයට පිවිසෙන තෙක් දෙපස මාර්ගය නොපෙනෙන බව ද ඔවුන් සඳහන් කර සිටී.


ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම දුම්රිය මාර්ගයේ තවත් මාරක අනතුරක් සිදු වීමට පෙර ඊට අවශ්‍ය නිසි පියවරයන් ගන්නා ලෙසය.


 

More News..