brand logo
logo
 වසරේ මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 3.06ක්

වසරේ මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 3.06ක්

25 May 2026


මේ වසර අවසන් වනවිට මෙරට ඉතිහාසයේ හිමිවූ වැඩිම විගමණික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 


එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, 2026 වසරේ මුල් මාස හතරේදී විගමණික ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 3.06ක අගයක් වාර්තා කර ඇති බවය. 


2025 වසරේ මුල් මාස හතරදී උපයා ඇති එම ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2.4ක් වූ බව එම කාර්යාංශය සඳහන් කරයි.


මැද පෙරදිග කලාපයේ යුදමය වාතාවරණයක් පැවතිය ද විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යාමට ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් වැඩි කිරීම, නව රජය ගත් ක්‍රියාමාර්ග නිසා මෙරට විදෙස් රැකියා ක්ෂේත්‍රයට කීර්තියක් අත්වීම සහ ශ්‍රමිකයන්ට විවිධ වූ සුභසාධන පහසුකම් ලබාදීම වැනි හේතූන් උපකාරී වූ බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..