තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
20 July 2026
තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
20 July 2026
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (20) පෙ.ව. 11.00ට මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති අතර එය හෙට (21) පෙ.ව. 11.00 වන තෙක් වලංගු වේ.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වලටත්, උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් වරින් වර පැයට කිලෝමීටර 40ත් 50ත් අතර පමණ වන තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.
එම නිසා මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් සහ සූදානමින් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

