ළමා ආරක්ෂණ පනත සහ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සකස් කෙරේ
16 November 2026
ළමා ආරක්ෂණ පනත සහ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් ක්‍රමයට සකස් කෙරේ
16 November 2026
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය බ්‍රේල් (Braille) ක්‍රමයට සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙම සුවිශේෂී පියවර හරහා මෙරට දෘශ්‍යාබාධිත දරුවන්ට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යභාරය සහ ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මූලික දැනුම හා අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසෙනු ඇත.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන හරහා රටේ සියලු දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මෙහි මූලික අරමුණ වේ. කිසිදු දරුවෙකු අත්නොහැර, ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සහ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව සෑම දරුවකුටම තහවුරු කිරීම අමාත්‍යාංශයේ ප්‍රමුඛ අපේක්ෂාව වී ඇත.


