උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොයයි - කුකුළු මස් මිලත් අඩුවෙයි
23 November 2026
උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොයයි - කුකුළු මස් මිලත් අඩුවෙයි
23 November 2026
උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාදීම සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
බිත්තර හා කුකුළු මස් වෙළෙඳ සංගම්, සුළු හා මහා පරිමාණ නිෂ්පාදන සංගම්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්හි සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී, වෙළෙඳපොළේ කුකුළු මස් මිල අඩු වන තත්ත්වයක් නිරීක්ෂණය වුවද, බිත්තර මිලෙහි යම් වැඩිවීමක් ඇති බැවින් උත්සව සමයේ මිල වැඩිවීමකින් තොරව ජනතාවට බිත්තර ලබාදීමේ අවශ්‍යතාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව, උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොදැමීමට බිත්තර නිෂ්පාදන සංගම් එකඟ වූ බවත්, කුකුළු මස් මිලත් අඩුවන බව කුකුළු මස් නිෂ්පාදකයන් සහතික වූ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේය


