Best News Website award
brand logo
logo
ලිට්‍රෝ හා ලාෆ්ස් වෙළෙඳපොළ ගැන සුනිල් හඳුන්නෙත්තිගෙන් පැහැදිලි කිරීමක්

ලිට්‍රෝ හා ලාෆ්ස් වෙළෙඳපොළ ගැන සුනිල් හඳුන්නෙත්තිගෙන් පැහැදිලි කිරීමක්

14 November 2026


ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් 90%ක් සපයන්නේ ලිට්‍රෝ ග්‍රෑස් සමාගමෙන් බවත්, එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ 20ක් පුරවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.


ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩු පක්ෂයට එල්ලකළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවට මෙම කරුණු අනාවරණය කළේය.


මෙහී අමත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ලාෆ්ස් ගෑස් මසකට පිරවීම සිදුකරන්නේ ලක්ෂ 3ක ප්‍රමාණයක් බවය.

මේ අතර වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් (100,000) ඇණවුම් කර ඇති බවත්, ඉන් එළැඹෙන දෙසැම්බර් මස වනවිට 35,000ක් පැමිණීමට නියමිතව බවත් පැවසීය.


එළැඹෙන අයවැයෙන් ජනතාවට සහන රැසක් ලබාදී ඇති බවත්, එම සහන යටගැසීමේ අරමුණෙන් ගෑස් මිල ඉහළ දමන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමෙන් අරමුණෙන් ගෑස් මිල වැඩිකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


කෙසේ නමුත් එම ප්‍රශ්නය භාරගැනීමට රජය සූදානම් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගෑස් සිලින්ඩරේ වර්ණය කුමක් වුවත්, කැමති අයෙකුට ඕනෑම ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමේ අවස්ථාවක් සැලසීමට බලාපොරොත්තු වන බව මෙහිදී පැවසීය.


ඒ අනුව එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජයේ ගෑස් සැපයුම වැඩිකළ යුතු බවත්, ලිට්‍රෝ සමාගම හරහා එය සිදුකරන බවත් සඳහන් කළේය.


එනිසා ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම මුළු රටේම ගෑස් ප්‍රශ්නයක් නොවන බවත්, එය අර්බුදයක් කිරිමට විපක්ෂය උත්සාහ දරන බව පැවසීය.

 

More News..